
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේග පක්ෂය “කිසිදු ආගමකට ප්‍රමුඛත්වය දෙන්නේ නෑ” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ව්‍යාජ ලිපියක් අන්තර්ජාලයේ පළකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසිය බී වාර්තාවක් ගොනුකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණි ගමගේට කරුණු දක්වමින් අද (04) පැවැසීය.
එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
“ජාතික ජන බලවේගය පක්ෂය පසුගිය 24 වැනි දින මහරගම තරුණ සේවා සභාවේදී භික්ෂු සමුළුවක් පැවැත් වූ බවත්,එම භික්‍ෂු සමුළුවෙන් පසුව පසුගිය විසින් 29 වැනි දින මෙරට ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පළ වූ ලිපියක් යැයි හඟවමින් අදාළ ව්‍යාජ ලිපිය අන්තර්ජාලයට මුදාහැර ඇති බවට සුනිල් හඳුන්නෙත්ති මහතා පැමිණිලි කර ඇති බවද, පැමිණිලිකාර පක්ෂය හෝ අනුරු කුමාර දිසානායක මහතා එවන් ලිපියක් මාධ්‍යයන් වෙත නිකුත් කර නොමැති බවත් ඒ මහතා පැමිණිලි කර ඇති බවද සඳහන් කළේය.” යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
පැමිණිල්ලේ කරුණු සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් පැමිණිල්ල බහා තැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart