
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අතුරුදහන් වී සිටි කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුලා රත්නායක (ජයතිලක) අදාළ ප්‍රහාරය අතරතුර ජිවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායල් පොලිස් දෙපාර්තුමේන්තුවේ අන්තර්ජාතික අංශය විසින් අද උදෑසන තහවුරු කර ඇත.
අදාළ දේහය දින දෙකක් තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදීමට නියමිතය.
දේහය හදුනාගැනීමෙන් පසු ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හා ආගමික වතාවත් සිදුකිරීම පිළිබඳ තොරතුරු ඉක්මණින්ම ලබාගෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අදාළ කටයුතු අවසන් වූ වහාම දේහය අයගේ පවුලේ සාමාජිකයන් වෙත යැවීමට කටයුතු කරන බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart