
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 370 කට පෙර ලංකාවෙන් කොල්ලකා රැගෙන ගිය මෙරට වටිනා මෙන්ම දුර්ලභ පුරාවස්තු හයක් මෙරටට යළි භාරදීමට නෙදර්ලන්තය තීරණය කර තිබේ.
යටත් වජිත සමයේ දී ලන්දේසි පාලකයන් රැගෙන ගිය පුරා වස්තු හයකට අධික ප්‍රමාණයක් යළි මෙරටට ලබාදෙන්නට නෙදර්ලන්ත රජය සූදානම් බව මෙරට නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් ප්‍රකාශ කළාය.
ඒ අනුව, මෙරටට නැවත ලැබීමට නියමිත කෞතුක භාණ්ඩ අතර පේරැස් මුද්දක්, ඇත් දළ ආභරණ මංජුසාවක්, කාලතුවක්කු දෙකක්, ඇත් දළයෙන් නිමකළ කුඩා වංගෙඩිය සහ මෝල් ගස, ඉපැරැණි තේක්ක පුටුවක් ආදි භාණ්ඩ කිහිපයක් වන බව ද ඇය පවසයි.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් අතර එම අමාත්‍යංශයේ දී පැවති හමුවක දී මෙම තීරණයට එළඹ තිබේ.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ස්කෑන් යන්ත්‍ර පරිත්‍යාග කිරීම දෙරට අතර ඓතිහාසික සබඳතා අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart