
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පක්ෂ නියෝජිතයන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයන් ලෙස යොදාගනිමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලීකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ, සිය ගෞරවනීය නම, නිල ලාංඡන සහ ලිපි ශීර්ෂ භාවිත කරමින් මෙය සිදුකරන බවයි.
අදාළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.
‘වර්තමාන ආණ්ඩුව සිය ඉතිහාසයට ද පිටුපාමින්, ඉතිහාසය තුළ පැවති සියළලු ආණ්ඩු ද ඉක්මවා යමින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ සැලසුම දිගහරිමින් සිටී. එම සැලසුම තුළ කොතලාවල හරහා වෛද්‍ය උපාධිය ලක්ෂ 175 කට විකිණීමත්, ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අධාපනය කප්පාදුවත්, පාසල් වසාදැමීමට ගෙන යන සැලසුමත්, නිදහස් අධ්‍යාපනයෙන් සුදුසුකම් ලැබූ සමසෞඛ්‍ය උපාධිය කුණු කූඩයට තල්ලු කිරීමත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පෞද්ගලික උපාධි කඩ සඳහා මුද්‍රා තනන ආයතනයක් දක්වා පටු කීරීමත් ඇතුළු යෝජනා රැසක් ඇත.
මෙම අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයේ ප්‍රධානම අභියෝගය වී ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට නම් ශිෂ්‍ය ව්‍යාපාරය දුර්මුඛ කිරීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට ඇත. ඒ සඳහා සරසවි ශිෂ්‍ය නායකයෙන් යැයි කියාගත් තම රූකඩ යොදාගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ආණ්ඩුව නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බව පෙනේ. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කීර්තිමත් නාමයත්, නිළ ලාංඡන සහ ලිපි ශීර්ෂ ද යොදාගනිමින් ඇත.
එනිසා මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සහ අදහස් වලට නොරැවටී වත්මන් ආණ්ඩුව ගෙනයන තිරස්චීන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා පෙරට එන ලෙස මෙරට සියළු විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සහ රටේ පොදු ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart