April 16, 2024

මෙරටට පැමිණි විදේශිකයකුට අත්විඳීමට සිදු වූ තවත් අප්‍රසන්න සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකාවල කතා බහක් ඇතිවී තිබේ.

එම සිදුවීම වාර්තා වන්නේ මීට දෙසතියකට පමණ පෙර තවත් විදේශිකයකු ද කළුතර ප්‍රදේශයේ දී එවැනිම සිදුවීමකට මුහුණ දී ඒ සම්බන්ධයෙන් වූ විවේචනවල උණුසුම මැකී යන්නටත් පෙරය.

මෙවර වාර්තාවන සිදුවීම වන්නේ පිටකොටුවේ ආශ්‍රිතවය.

එක් අවන්හලක හිමිකරුවකු බව කියන පුද්ගලයකු එම අවහන්වෙත පැමිණි විදේශිකයාට බැණ වදින්නේ විදේශිකයා තමන් සඳහන් කළ ආහාර මිල සම්බන්ධයෙන් අවහන්හලේ සේවකයකුගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙනි.

තමාව සැක කළ බවටත් තමන් එවැනි වංචා සිදු නොකරන අයකු බවත් පවසන අවන්හල් හිමිකරුවකු බව කියන පුද්ගලයා විදේශිකයා එළවා දමන්නේ ඔහුට තම අවන්හලෙන් ආහාර නොදෙන බව පවසමිනි.

සංචාරක ව්‍යාපාරයේ දියුණුව අපේක්ෂා කරන මෙවන් සමයක දේශීය ව්‍යාපාරිකයන් අතින් සංචාරකයන්ට සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් මෙරට සංචාරක ක්ෂේත්‍රයට එක්කරන්නේ කළු පැල්ලම් නොවේද ?