
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටට ආනයනය කෙරෙන තවත් ඖෂධයක ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළුවක් නිර්මාණය වී තිබේ.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය අනාවරණය කරන්නේ, දැනට රට තුළ භාවිත කෙරෙන Meropenem නමැති ප්‍රතිජීවකයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවයි.
මෙම ප්‍රතිජීවක අඩංගු කුප්පි තුළ වීදුරු කැබලි හමුවීමේ සිද්ධි වාර්තාවී ඇති බව හෙතෙම සඳහන් කරයි.
Meropenem ප්‍රතිජීවකය සැපැයූ සැපයුම්කරු මින් පෙර ගෙන්වූ ඖෂධ තොගය තත්ත්වයෙන් අසමත්වී ඇති බව වෛද්‍ය ජී. විජේසූරිය පෙන්වාදෙයි.
මේ අතර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනකරු ලෙස ක්‍රියාකරමින් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ඉකුත් සැප්තැම්බරයේ මෙරටට ගෙන්වූ ඖෂධ තොග ඇතුළත් බහාලුම් රැසක් අනාරක්ෂිත ලෙස වැලිසර, කැලණිය සහ වත්තල රේගු පර්යන්තවල ගබඩා කර ඇති බවට සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය දිනවල චෝදනා කළේය.
වෘත්තිය සමිති පවසන පරිදි එම ඖෂධ මෙලෙස මාස 04කට වැඩි කලක් අනාරක්ෂිත ලෙස තබා ඇත්තේ ඒවා ගබඩා කළ යුතු නිසි උෂ්ණත්වය පිළිබඳ ද කිසිදු තැකීමකින් තොරවය.
එම එක් බහාලුමක් තුළ අමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වටිනා ඖෂධ අඩංගු බවද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart