
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලට සම්බන්ධ බව පැවැසෙන කතරගම ප්‍රදේශයේ නිවසක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උපසභාපති එල්.ඒ.විමලරත්න අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ය.
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ එම දේපළවලට අදාළ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
ජී. රාජපක්ෂ නමින් විදුලි බිල් නිකුත්කෙරෙන අනවසරයෙන් ඉදිකරන ලද බවට අනාවරණය වූ කතරගම ප්‍රදේශයේ පිහිටි එම නිවස සම්බන්ධයෙන් තමාට සම්බන්ධයක් ඇති බවට පළවන වාර්තා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මීට පෙර ප්‍රතික්ෂේප කළේය.
මතභේදාත්මක නිවස කතරගම මැණික් ගඟ අසල රක්ෂිත ඉඩමක ඉදිකර ඇති අතර එය කාමර 12 කින් සමන්විත වේ.
රජයේ ඉඩමක අනවසරයෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේ යහපාලන ආණ්ඩුව සමයේය.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම පරීක්ෂණ නවතා දැමූ බව වාර්තා වේ.
අදාළ නිවස 2010 ට පෙර ඉදිකරන ලද එකක් බවත්, එය හමුදා කණ්ඩායමක ශ්‍රමය යොදවා ඉදිකරන ලද්දක් බවත් මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂාවට අනුයුක්තව සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයකු මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු එහි පදිංචිව සිට ඇති බව ද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart