
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් විත්තිකරුවකු විසින් කළ බව කියන සාවද්‍ය පරිහරණ ක්‍රියාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට පවසමින් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා කොළඹ මහාධිකරණයඅද (මාර්තු 26) ප්‍රතික්ෂේප කළේය.
2012 මාර්තු සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඔහු ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ රඹුක්වැල්ලගේ පෞද්ගලික දුරකථන බිල ගෙවීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් 230,000ක මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.
මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා තර්ක කළේ නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවයි.
නමුත් රඹුක්වැල්ලට සහ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට ගෙන යාමට විනිසුරු දමිත් තොටවත්ත අවසර ලබා දුන්නේය.
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් කුප්පි මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රඹුක්වැල්ල ද අද දින අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කර සිටියේය.
නඩුවේ වැඩිදුර විභාගය ජූලි 22 වැනිදාට කල් තැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart