
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩාවේ ඔන්ටාරියෝ පළාතේ පිහිටි නිවසක හටගත් ‘සැක සහිත’ ගින්නකින් ඉන්දියානු සම්භවයක් ඇති යුවළක් සහ ඔවුන්ගේ තරුණ වියේ දියණිය ජීවිතක්ෂයට පත්වූ බව එරට ප්‍රාන්ත පොලිසිය පවසයි.
පීල් පොලිසිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ, බ්‍රැම්ප්ටන්හි වැන් කර්ක් ඩ්‍රයිව් ප්‍රදේශයේ පිහිටි මෙම නිවස මාර්තු 7 වැනි දින ගිනිගෙන තිබූ බවයි.
ගින්න පාලනය කිරීමෙන් පසු විනාශ වූ නිවස තුළ තිබී විමර්ශකයන් විසින් මිනිස් අස්ථි කොටස් සොයාගෙන තිබුණ ද, ඒ වන විට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණ දැයි සොයාගැනීමට ඔවුන්ට නොහැකි වී තිබිණි.
පිළිස්සුණු දේහයන් පවුලේ සාමාජිකයන් තිදෙනකුගේ ඒවා බවට බලධාරීන් විසින් මේ වන විට හඳුනාගෙන ඇත.
ඒ අනුව 51 හැවිරිදි රජිව් වාරිකූ; ඔහුගේ බිරිඳ, 47 හැවිරිදි ශිල්පා කෝතා; සහ ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය වන මහෙක් වාරිකූ මෙලෙස මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර තිබේ.
ගින්න ඇතිවීමට පෙර එම පවුල මෙම නිවසේ පදිංචිව සිටි බව පොලිස් නිලධාරීන් දන්වා ඇත.
පීල් පොලිස් කොස්තාපල් ටරින් යන්ග් පසුගිය සිකුරාදා (මාර්තු 15) පැවසුවේ ගින්න ‘සැක සහිත’ එකක් ලෙස පෙනෙන බවයි.
“මේ අවස්ථාවේදී, අපි අපගේ මිනීමැරුම් පිළිබඳ පරීක්ෂණ කරන කාර්යාංශය සමඟ මේ පිළිබඳ විමර්ශනය කරමින් සිටිනවා, මෙම ගින්න අහම්බයක් නොවන බව ඔන්ටාරියෝ ෆයර් මාර්ෂල් විසින් සළකා තිබෙන නිසා මෙය සැක සහිත බවට අපි සළකනවා,” යනුවෙන් යන්ග් සඳහන් කර ඇත.
මියගිය පවුලේ අසල්වැසියකු වන කෙනත් යූසුෆ් පැවසුවේ මෙම පවුල වසර 15ක් පමණ එකම ලිපිනයේ ජීවත් වන බවත් ඔවුන් සම්බන්ධ කිසිදු ගැටලුවක් නොදැන සිටි බවත්ය.
ඔහු පැවසුවේ ඔහුගේ පවුලේ අයකු විශාල ‘පිපිරීමක්’ ඇසීමෙන් පසු ගින්න පිළිබඳ තමාට දැනුම් දුන් බවයි.
“අපි එළියට එනකොට ගෙදර ගිනි ගන්නවා, ගොඩාක් දුකයි. පැය කිහිපයක් ඇතුළත සියල්ල විනාශ වුණා” යනුවෙන් ඔහු පැවසීය.
පොලිසිය සිය මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් කියා සිටියේ ගින්න ඇතිවීම සහ පවුලේ සාමාජිකයන් තිදෙනාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර අමතර මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු දන්නේ නම් ඉදිරිපත් කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart