
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පළායෑමට කුමන්ත්රණය කිරීම ඇතුළු චෝදනා 50ක් යටතේ නදුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක් කටා’ ඇතුළු පස්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නව නඩුවක් ගොනුකර තිබේ.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබීය.
අද දින පැවැති අධිකරණ කටයුතුවලදී සියලුම විත්තිකරුවන්ට අධිචෝදනා පත්ර නිල වශයෙන් භාරදී තිබේ.
එම නඩුවේ විත්තිකරුවන් වන්නේ නදුන් චින්තක වික්රමරත්න නොහොත් හරක් කටා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිඳු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර නොහොත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන අයයි.
දැඩි ආරක්ෂාව යටතේ ඔවුන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු සටහන් කර ගන්නා ලෙස ද අධිකරණය නියෝග කර තිබේ.
හරක් කටා සඳහා දැනට ලබා දී ඇති රැඳවුම් නියෝගය අවසන් වීමත් සමග ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරු සුජීව නිශ්ශංක වැඩිදුරටත් නියෝග කළේය.
ඉතිරි විත්තිකරුවන් සිව්දෙනා රිමාන්ඩ් භාරයේ තැබීමට ද නියෝග කෙරිණි.
නඩුව සැප්තැම්බර් 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart