August 29, 2023

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයට යෙදවීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස්රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2023-02-27 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

එහෙත්, එම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කර ගනිමින් එකී බස් රථ මඟින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකි වන අයුරින් යෝජිත ව්‍යාපෘතිය යටතේ ධාවනයේ යොදවනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය යටතේ ප්‍රසම්පාදනය කරනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200 දක්වා ඉහළ නැංවීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.