
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු සූඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා 10 වැනි යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දකුණු සූඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 10 වැනි යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම අද(පෙබරවාරි මස 06) දින උදෑසන මෙරටින් පිටත්ව ගියේය.
මෙරටින් පිටත්ව ගිය 10 වැනි යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමට නිලධාරීන් 14 දෙනකු, නාවික හමුදාවේ එක් නිලධාරීයකු සහ සෙසු නිලයන් 49 දෙනකු ඇතුළුව හමුදා සාමාජිකයන් 64 දෙනකු ඇතුලත් වේ.
එම කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කර්නල් ඩී.එම්.ඩී.ජි දිසානායක කටයුතු කරන අතර, දෙවැනි අණදෙන නිලධාරී ලෙස මේජර් එන්. අයි රත්නායක කටයුතු කරයි.
මෙරටින් පිටත්ව යන 10 වැනි යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමට සුභපැතීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ, යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.එස් වනසේකර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීහු පිරිසක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart