
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නියඟය සහ විදුලිය පදනම් කරගනිමින් 2022 මැයි 09 වැනි දින ඇති වූ සිදුවීම් යළි ඇවිලවීමේ උත්සාහයක් පිළිබඳ බුද්ධි අංශ වාර්තාවක් තමා වෙත ලැබුණු බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බව කැබිනට් ප්‍රකාශක සහ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ සතිපතා ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
නියඟය සහ ගොවීන්ගේ කලකිරීම් සඳහන් කරමින් ජන අරගලයක් යළි නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් සඳුදා (7) වට්ස් ඇප් හරහා පණිවිඩයක් ප්‍රචාරය කර ඇති බව වාර්තා විය.
නියඟය විදුලිය හා ජල අර්බුදය යැයි කියමින් 2022 මැයි 09 වැනිදා ඇති වූ සිදුවීම් යළි ඇවිලවීමට අරගලයට සම්බන්ධ ඇතැම් පිරිස් සහ විපක්ෂය සැලසුම් කරමින් සිටින බවට ජාතික බුද්ධි සේවයට වාර්තාවක් ලැබුණු බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බව ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.
“කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ පෞද්ගලික වාහනය වටලන්න උත්සාහ කළා. විදුලිබල ඇමැති කංචන විජේසේකර මහතාගේ නිවසට විශේෂ ආරක්‍ෂාවක් යොදවලා තිබුණේ ඊට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබුණු නිසා” යැයි ඔහු පෙන්වාදුන්නේය.
ඇමතිවරයාට අනුව, ජනමාධ්‍ය ආයතන දෙකක් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර, මීට සම්බන්ධ කරගත හැකි සියලු කණ්ඩායම් සංවිධානය කර, ඔවුන්ව කොළඹට ගෙන්වා, ගොවි විරෝධයෙන් ආරම්භ කර, ඒ හරහා තවත් විරෝධතා මාලාවක් සංවිධානය කර, වෙඩි තැබීමක් සිදුකෙරෙන තත්ත්වයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් පවතින බව ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත.
එය රට අස්ථාවර කිරීමේ උත්සාහයක් යැයි ඇමැති ගුණවර්ධන ජනමාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
“රජයට පාලනය කළ නොහැකි නියඟය වැනි ස්වභාවික සිදුවීම් කියමින් මාධ්‍ය ආයතන ජනතාව උසිගන්වා පාරට බස්සවා ගැනීමට උත්සාහ කරනවා නම් ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස මම කළකිරෙනවා.මම මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලා සිටිනවා, මේ දෙස තාර්කිකව බලන්න” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart