
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛනිජ නීතිගත සංස්ථාව සතුව පවතින තවත් ඉන්ධනහල් 150ක් ඕස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් (united petroleum) ආයතනයට ලබාදීමට අදාළව ගිවිසුම්ගතවීම එළඹෙන පෙබරවාරි මස 21 වැනි දින සිදුකිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන හල් සංඛ්‍යාවෙන් හරි අඩකටත් වඩා ඉන්ධන හල් ප්‍රමාණයක් මෙම වසර තුළ සයිනොපැක්, RM පාක් සහ ගිවිසුම්ගත වන මෙම ඕස්ට්‍රේලියානු united petrolium සමාගමට ලබාදීමත් සමග තෙල් සංස්ථාවට අහිමිවන බව ලංකා ඛංජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති අනාවරණය කරයි.
වාර්තා වැඩිදුරටත් පවසා සිටියේ වර්තමාන ආණ්ඩුව සහ බලශක්ති ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත හේතුවෙන් රටට වටිනා ආර්ථික ර්මස්ථානයක් වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී විදේශ සමාගම්වලට පවරාදීමක් සිදුකර ඇති බවයි.
එමගින් කිසිදු තරගකාරී වෙළඳපලක් ඇති නොවීම හේතුවෙන් රටේ ජනතාවට වැඩි මිලකට ඉන්ධන ලබා ගැනීමට සිදුවී ඇති බවද වෘත්තීය සමිති පෙන්වාදෙයි.
මෙම සමාගම් රටේ ආයෝජනයක් කරනවා කියා පැවසුවද රටේ පවතින ඩොලර් එම විදේශ සමාගම් විසින් ලබා ගැනීමේ ක්‍රියාවලියක් සිදුවන බවද වෘත්තිය සමීති පෙන්වාදෙයි.
ඉන්දියානු ඔයිල් සමාගම, ඇතුළු මෙම සමාගම් තුන නතුකර ගන්නා තෙල් සංස්ථාවට අයත් ඉන්ධනහල් ලබාදීමෙන් පසුව සංස්ථාව සතුව පවතින්නේ තවත් ඉන්ධනහල් 520 වැනි සංඛ්‍යාවක් බවද වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart