
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සරණාගතභාවය පතා මෙරට හත්දෙනකුගෙන් යුත් පවුලක් ඊයේ (27) ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධනුෂ්කොඩි වෙත ගොස් ඇතැයි වාර්තා වේ.
ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය සඳහන් කරන්නේ, විමර්ශනවලින් අනතුරුව ඔවුන් මණ්ඩපම් සරණාගත කඳවුර වෙත යොමුකර ඇති බවයි.
මණ්ඩපම් වෙරළ ආරක්ෂක කණ්ඩායම් (මැරීන්) පොලිසිය ධනුෂ්කොඩි හි අරිචල්මුනේ වෙත ගොස් ශ්‍රී ලාංකිකයන් හත්දෙනා ඔවුන් භාරයට ගෙන ඇත.
මෙසේ සරණාගතයන් බවට පත්ව ඇත්තේ, යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි 43 හැවිරිදි නාගරාජා, ඔහුගේ බිරිඳ වනින්තිනී (38) සහ ඔවුන්ගේ දරුවන් පස්දෙනාය.
ඔවුන් තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි වෙත පැමිණීම සඳහා ඔවුන් නීති විරෝධී යාත්‍රාකරුවන්ට විශාල මුදලක් ගෙවා ඇත.
ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන් මණ්ඩපම් හි පිහිටි සරණාගත කඳවුරට ගෙන ගොස් තිබේ.
ඔවුන් සමඟ, දිවයිනේ දරුණු ආර්ථික අර්බුදයෙන් පසු 2022 මාර්තු සිට සරණාගතභාවය පතා ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 282 දක්වා වැඩි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart