
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන උත්සව සමය සදහා බිත්තර කෝටි 04ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසන්නේ, ඊට අදාළ ඇණවුම් සැපයුම්කරුවන් වෙත දැනටමත් ලබා දී ඇති බවයි.
ඒ අනුව බිත්තරයක් රුපියල් 43කට මිලදී ගැනීමට අවස්ථාව උදාකරන බව හෙතෙම සඳහන් කරයි.
උත්සව සමයේ හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට බිත්තර ලබාදීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.
ඇණවුම් කෙරුණු බිත්තර ලබන සතියේ සිට මෙරටට ලැබීමට නියමිත බව පැවැසේ.
මීට අමතරව වෙළෙඳපොලේ බිත්තර හිඟයක් ඇති වුවහොත් අවශය සංචිත පවත්වා ගැනීමට ද පියවර ගෙන තිබේ.
ආනයනික බිත්තර ලංකා සතොස මගින් නිකුත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart