
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“Sri Lankan Summer Nights” නමින් සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයේදී සිකුරාදා (2) අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු නිදහස් කර ගැනීමට හැකි වූ බව කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
කුවේට් බලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව මෙම ප්‍රසංගය පවත්වා ඇති අතර, ශ්‍රී ලාංකිකයන් 26 දෙනකු කුවේට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව තානාපති කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලංකාවේ සිට කුවේටයට ගොස් ප්‍රසංගයට සහභාගි වූ උත්සව සංවිධායකයන් සහ කලාකරුවන් ද සිටින බව තානාපති කාර්යාලය සඳහන් කළේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු තානාපති කාර්යාල නිලධාරීන් කුවේට් පොලිසියෙන් ඉල්ලා සිටියේ ඊට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන්ට සමාව දෙන ලෙසයි.
මේ හේතුවෙන් අත්අඩංගුවට ගත 26 දෙනාගෙන් 24 දෙනකු ඊයේ (3දා) නිදහස් කර ඇති බව තානාපති කාර්යාලය තහවුරු කළේය.
කෙසේවෙතත්, තානාපති කාර්යාලය සඳහන් කළේ, උත්සවයේ සංවිධායකයන් දෙදෙනෙකු කුවේට් පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනය කරමින් සිටින බවයි.
“Sri Lankan Summer Nights” සංගීත ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ, ‘එතෙර අපි’ සංවිධානයේ කුවේට් ශාඛාව විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart