
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කන්ට්‍රි ගාර්ඩන් හෝල්ඩිංග්ස් හෙවත් චීනයේ විශාලතම පෞද්ගලික දේපළ සංවර්ධකයා දැවැන්ත අර්බුදයකට මුහුණදී සිටී.
චීනයේ දේපල සංවර්ධන කර්මාන්තයේ කඩාවැටීම ආරම්භ වූයේ කොරෝනා වසංගතයේ ආරම්භයත් සමගිනි. එමගින් මේ වන විට චීන ආර්ථිකයට සිදුකර ඇති හානිය ඇති මහත් වේ.
මේ වන විට සමාගමේ ආයෝජනය කර ඇති ණයහිමියන් බලාපොරොත්තු වන්නේ රටේ විශාලතම පෞද්ගලික සංවර්ධකයාට ඉක්මණින් ද්‍රවශීලතා සහාය ලැබෙනු ඇතැයි හෝ එය ණය ප්රතිසංස්කරණයකට ලක්වනු ඇතැයි කියාය.
කන්ට්‍රි ගාර්ඩන් හෝල්ඩිංග්ස් වරක් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ වර්ධන කුළුණක් වූ නමුත් පෙර නොවූ විරූ ද්‍රවශීලතා අර්බුදයක් මධ්‍යයේ 2021 සිට එහි විශාලතම ඇදවැටීම සනිටුහන් විය.
සමාගම පසුවන්නේ ණය ආපසු ගෙවීම් පහර හැරීමක් අද්දරය.
මෙතෙක් ණය බැඳීම් පැහැර හැර නොමැති විශාල චීන සංවර්ධකයන් කිහිපදෙනෙකුගෙන් එක් අයෙකු වන කන්ට්‍රි ගාර්ඩන්, විකුණුම් පහත වැටීමත් සමඟ පවතින අරමුදල් අඩුවීමෙන්, ද්‍රවශීලතා පීඩනයකට මුහුණ දී ඇති බව එහි අතුරු මූල්‍ය ප්‍රකාශන පෙන්වා දෙයි.
සමාගම 2023 පළමු අර්ධයේදී යුවාන් බිලියන 48.9 (ඩොලර් බිලියන 6.68) පාඩුවක් වාර්තා කර ඇත.
දේපල ණය අර්බුදය උග්‍ර වී ඇති බැවින් මේ වන විට චීනයේ නිවාස මිල වේගයෙන් පහත වැටෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart