
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ හොන්ඩා (Honda) රථවාහන හිමිකරුවන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉතා වැදගත් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, දැනට ක්‍රියාත්මක SRS එයාර්බෑග් පද්ධතිය නවීකරණය කිරීමේ විශේෂ වැඩසටහනට ඔබේ වාහනයත් ඇතුළත් ද යන්න පරීක්ෂා කර බලන ලෙසයි.
ලංකාවේ අතිශය ජනප්‍රිය සිවික් (Civic), CR-V, ඇකෝඩ් (Accord), ෆිට්/ජෑස් (Fit/Jazz), සිටි (City), ඉන්සයිට් (Insight), ස්ට්‍රීම් (Stream), ඔඩෙසි (Odyssey), ඉන්ටෙග්රා (Integra) සහ ක්රොස්රෝඩ් (Crossroad) යන හොන්ඩා මාදිලි කිහිපයක වාහන මේ සඳහා ඇතුළත් වේ. හොන්ඩා ශ්‍රී ලංකා නිල වෙබ් අඩවියේ ඇති සේවා නාලිකාව හරහා ඔබේ වාහනයේ චැසි අංකය (chassis number)ඇතුළත් කර මේ සඳහා ඔබේ වාහනය සුදුසුකම් ලබා ඇත්දැයි පහසුවෙන්ම බලාගත හැක.
යම් හෙයකින් අනතුරක් සිදු වුවහොත් එයාර්බෑගය ක්‍රියාත්මක වීමේදී රියදුරුට හෝ ඉදිරිපස අසුනේ සිටින මගියාට තුවාල සිදුවීමේ අවදානමක් පවතින බැවින් මෙම නවීකරණය සිදුකර ගැනීම අනිවාර්ය කර ඇත.
ශ්‍රී ලංකාවේ හොන්ඩා නිල බලයලත් නියෝජිතයා වන ස්ටැෆර්ඩ් මෝටර්ස් (Stafford Motor Co. Pvt Ltd) සමාගම විසින් මෙම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුකර දෙනු ලබයි.
විශේෂම කාරණය වන්නේ එම සමාගම මගින් ආනයනය නොකළ හෝ මීට පෙර ඔවුන්ගෙන් සේවා ලබා නොගත් හොන්ඩා වාහන සඳහා ද මෙම පහසුකම නොමිලේම හිමිවීමයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart