August 15, 2025

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ කළුතර උතුර පොලිස් වසමේ කොළඹ – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ 23 කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත කළුතර උතුර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මෘතශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.