
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණයක් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව කුප්‍රකට පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් “හරක් කටා” සමඟ සබඳතා පැවැත්වූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවත් වාර්තා වේ.
2023 මාර්තු 01 වන දින මැඩගස්කරයේදී නදුන් චින්තක සහ ඔහුගේ සහචරයෙකු වන සලිඳු මල්ෂිකා නොහොත් “කුඩු සලිඳු” අත්අඩංගුවට ගෙන තිබුණේ INTERPOL, මැඩගස්කරයේ නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් සහ රේගු නිලධාරීන් එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමකදීය.
පසුගිය වසරේ මාර්තු මස 15 වැනිදා ඔවුන් යළි දිවයිනට ගෙන්වාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා ගනු ලැබිණි.
‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමට උත්සාහ කළ නමුත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ විය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේ හරක් කටාගේ පලායෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහය ලබාදී ඇති බව හෙළිවීමත් සමගය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් දෙපාර්තමේන්තුවල සේවය කරන ඇතැම් නිලධාරීන්ට හරක් කටාගෙන් මුදල් සහ වෙනත් ආකාරවලින් විශාල තෑගි ප්‍රමාණයක් ලැබී ඇති බව ද වාර්තා විය.
එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් මූලස්ථානය විසින් මෙම චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු මීට පෙර ස්ථාන මාරු කර තිබූ අතර එම චෝදනා සම්බන්ධයෙන් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට ද ඉදිරි දින කිහිපය තුළ ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිතය.
එමෙන්ම හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.
හරක් කටා සමඟ සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු සහ තවත් පොලිස් නිලධාරීන් 19 දෙනෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී අපරාධකරුවන්ට සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් නිලධාරීන්ට මීට පෙර අවවාද කර තිබූ අතර පරීක්ෂණ පදනම් කරගෙන ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටියදී අතුරුදන් වූ හරක් කටාට සහ කුඩු සලිඳුට අයත් ජංගම දුරකථන දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart