
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තාවලට අනුව, එක්සත් ජනපද රජය ‘ඇමරිකානු විරෝධී ප්‍රචාරණයට’ එරෙහිව නව ගෝලීය සැලසුමක් ක්‍රියාත්මක කර ඇත.
මෙම සතියේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් අත්සන් කරන ලද නියෝගයකින් දැනුම්දී ඇත්තේ, ලොව පුරා සියලුම ඇමරිකානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල, වැරදි තොරතුරුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා බලපෑම් කරන්නන්, ශාස්ත්‍රඥයන් සහ ප්‍රජා නායකයන් සමඟ කටයුතු කළයුතු බවයි.
මෙම සැලැස්ම මගින්, X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ ඇමෙරිකාව සම්බන්ධයෙන් ව්‍යාප්තවන අසත්‍ය තොරතුරැ වලට ප්‍රතිචාර දක්වන ලෙස දැනුම්දී ඇතැයි පැවැසේ.
අසත්‍ය තොරතුරු පැතිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා, එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල එක්සත් ජනපද හමුදාවේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ඒකක සමඟ සමීපව කටයුතු කළ යුතු බවද මෙම නියෝගයෙන් යෝජනා කෙරේ.
විශේෂයෙන් තොරතුරු සීමිත හෝ පාලනය කර ඇති රටවල, දේශීය භාෂාවලින් අන්තර්ජාතික ප්‍රවෘත්ති සහ ස්වාධීන විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කරන ලෙස තානාපති කාර්යාලවලට දන්වා ඇත.
එක්සත් ජනපද රජය ද පවසා ඇත්තේ, සිය රජය විසින් අරමුදල් සපයන සියලුම වැඩසටහන් පැහැදිලිව හඳුනාගත යුතු බවත්, ඒ හරහා ජනතාවට තොරතුරු ලබාදෙන ලෙසත්ය.
ඊට අමතරව, ලොව පුරා ඇමරිකානු සංස්කෘතික මධ්‍යස්ථාන 700 කට වැඩි සංඛ්‍යාවක්. ජනතාවට නිදහසේ තොරතුරු වෙත ප්‍රවේශ විය හැකි සහ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකි ස්ථාන ලෙස සංවර්ධනය කරනු ඇත.
මෙම මධ්‍යස්ථාන නිදහස් කථනය සහ විවෘත සාකච්ඡාව ප්‍රවර්ධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart