
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට මුහුදු සීමාවේ දී ගිනිගෙන විනාශ වූ එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රයට අදාළ ඉදිරි කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
සිය අභියාචනාධිකරණ ප්රතිශෝධන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනුකර තිබිණි.
ඒ අනුව එම අභියාචනයට විශේෂ අවසරයක් ලබා දෙමින් ඒ.එච්.එම්.ඩී.නවාස්,කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
එම නියෝගය ලබන වසරේ පෙබරවාරි 12 වැනිදා දක්වා බලපැවැත්වේ.
2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 26(අ) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශය තුළ වෙරළබඩ ප්‍රදේශවලට සිදු කළ විනාශය සම්බන්ධයෙන් චෝදනා අටක් යටතේ විත්තිකරුවන් අට දෙනාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
පෙත්සම්කරුවන්ට එරෙහි චෝදනාව නම්, සී කොන්සෝටියම් ලංකා (පෞද්ගලික) සමාගම විසින් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරී පනතේ 26 (අ) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවයි.
නීතිපතිවරයා ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය නීතිමය ක්‍රියාදාමයන් ආරම්භ කිරීමට ඇති බලතල අභිබවා ගොස් ඇති බව අභියාචනාධිකරණය විසින් හඳුනාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අභියාචනාධිකරණයට නීතිය වැරදී ඇති බව පෙත්සම්කරුවන් සිය අභියාචනයෙන් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ මෙරට වෙරළබඩ ප්‍රදේශවලට සිදු කළ විනාශය සම්බන්ධයෙන් Tyutkalo Vitalyon, සී කොන්සෝටියම් ලංකා (පෞද්ගලික) සමාගම, එහි අධ්යක්ෂවරුන් සහ සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart