
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතාව මුලා කරමින් ‘දැඩිගම’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පෞද්ගලික සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී.ප්‍රනාන්දු නිකුත් කළේය.
දැඩිගම වෙළඳ ලකුණට සමාන නම් යොදාගනිමින් අසාධාරණ තරඟයක නියැලීම වළක්වමින් මෙම වාරණය මහනුවර කටුගස්තොට, කුරුණෑගල පාරේ ඩි.ඒ.සි.පී.දැඩිගම උකස් පෞද්ගලික සමාගමට නිකුත් කෙරිණි.
දැඩිගම උකස් මධ්‍යස්ථානය(Dedigama pawning sentre)දැඩිගම රන් ණය මධ්‍යස්ථානය(Dedigama gold loan sentre)දැඩිගම උකස්කරුවෝ(Dedigama pawn Brokers) යන නාමයන්ට සමාන නාමයන් භාවිතා කිරීම ,දැඩිගම වෙළඳ ලකුණ භාවිතා කිරීම,දැඩිගම නමින් ප්‍රචාරය කිරීම, දැඩිගම නමින් නව වෙළඳසැල් ආරම්භ කිරීම වළක්වමින් මෙම වාරණය නිකුත් කෙරිණි.
දෙහිවල පාර, මහරගම දැඩිගම ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හා එහි සභාපති රංජන් මලින් දැඩිගම බුද්ධිමය දේපල පනත යටතේ පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි.
සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි නීතිඥ මනෝජ් බණ්ඩාර අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකාර සමාගම දැඩිගම කෙරෙහි ජනතා විශ්වාසය හා කීර්ති නාමය භාවිත කරමින් ව්‍යාජ ව්‍යාපාරයක නිරතව සිටින බවය.
විත්තිකරුවන් පැමිණිලිකරුවන්ගේ දැඩිගම නාමයට සමාන වෙළඳ ලකුණක් භාවිත කරමින් එම වෙළඳ ලකුණ ඇතුළත ජනතාවට නොපෙනෙන අයුරින් ඩි.ඒ.සි.පී. අකුරු හතර යොදමින් අසාධාරණ තරගයක නිරත වන බවද පැවසීය.
1950 ආරම්භ කළ දැඩිගම ගෲප් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාව පුරා ශාඛා 281 ක් ස්ථාපිත කර ඇති බවත්,විත්තිකරු එම ජනප්‍රියතාවය ව්‍යාජව භාවිත කරමින් සිටින බවත් පැවසීය.
2023 අංක 36 දරණ බුද්ධිමේ දේපල පනතේ 144 වගන්තිය ප්‍රකාරව මෙය නීතිවිරෝධී ක්‍රියාවක් බවත්,එම පනතේ 121 වගන්තිය,160වගන්තිය යටතේ අසාධාරණ හා ජනතාව නොමග යවනසුළු ක්‍රියාවන් බවය.
එහෙයින් ජනතා විශ්වාසය දිනූ පැමිණිලිකරුගේ කීර්තිනාමය උපයෝගී කරගනිමින් වෙළඳ කටයුතුවල නිරතවීම වළක්වන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නොතීසී විත්තිකරුට නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර සමාගමට වාරණ නියෝගයක් පනවමින් ලබන 29 වැනි දින අධිකරණය කරුණු දක්වන ලෙසට නියෝග කරමින් අතුරු තහනම් දැන්වීම් හා නොතීසී නිකුත් කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart