August 28, 2026

මහනුවර වැවේ දිය නෑම සහ මසුන් ඇල්ලීම තහනම් කර තිබියදී පුද්ගලයකු වැවට බැස දිය නා රෙදි සෝදන අයුරු දැකගන්නට ලැබිණි.

මොහු මෙය සිදුකර තිබෙන්නේ පෙරහර සමයේ මහනුවර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාවේ 8000 ක් පමණ සේවයේ යොදවා සිටියදී වීම විශේෂත්වයකි.

මහනුවර වැව රවුමේ සංඝරාජ පිරිවෙණ අසළින් මෙම පුද්ගලයා වැවට බැස විනාඩි 30 ක පමණ කාලයක් වැවේ ගතකර ඇත.