
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනීමැරුමක් සම්බන්ධයෙන් වසර 50 කට ආසන්න කාලයක් සිරගතව සිටි පුද්ගලයකු ඔක්ලහෝමා විනිසුරුවරයකු විසින් නිදොස් කොට නිදහස්කර තිබේ.
71 හැවිරිදි ග්ලින් සිමන්ස් නම් මෙම පුද්ගලයාගේ නඩුවේ ප්‍රධාන සාක්ෂි ඔහුගේ විත්තියේ නීතිඥයන් වෙත භාර නුදුන් බවට නීති නිලධාරීන් එකඟ වීමෙන් පසු ජූලි මාසයේදී ඔහු නිදහස් කරන ලදී.
ඔක්ලහෝමා ප්‍රාන්තයේ දිස්ත්‍රික් විනිසුරු ඇමී පැලුම්බෝගේ තීන්දුවෙන් පැවසෙන්නේ සිමන්ස් වරදකරු කර, දඬුවම් නියම කර සිරගත කළ වරද සිමන්ස් විසින් සිදුනොකළ බව අධිකරණය විසින් පැහැදිලි සහ ඒත්තු ගැන්වෙන සාක්ෂි මගින් සොයාගෙන ඇති බවයි.
සිමන්ස් වසර 48ක්, මාසයක් සහ දින 18ක් සිරගතකර සිටි අතර නිදහස් කිරීමේ ජාතික ලේඛනයේ දත්තවලට අනුව නිදොස් කළ, දීර්ඝතම කාලයක් සිරගතව සිටි එක්සත් ජනපද රැඳවියා බවට ඔහු පත්විය.
සිමන්ස් පසුව පැවසුවේ, මුලින් මරණ දණ්ඩනයට නියම වී පසුව සිරගතව සිටි කාලයෙන් පසුව තමා අපවාදයකින් ගැලවුණු බව හැඟෙන බවයි.
“එය ඔරොත්තුදීමේ හැකියාව සහ ස්ථීරභාවය පිළිබඳ පාඩමක්,” සිමන්ස් තීන්දුවෙන් පසු කෙටි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
“නිදොස් කිරීමක් සිදුවිය නොහැකි බව කිසිවකුට ඔබට පැවසීමට ඉඩදෙන්න එපා, මන්ද එය සැබවින්ම වියහැකි දෙයක්.” ඔහු පැවසීය.
කැරොලින් සූ රොජර්ස් එඩ්මන්ඩ් 1974 වසරේ දී මත්පැන් අලෙවිසැලක් තුළ ඝාතනය කරන අවස්ථාවේ ඔහු ලුසියානාවේ සිටි බව පවසමින් සිමන්ස් ඔහුගේ නිර්දෝෂීභාවය පවත්වාගෙන ගියේය.
ඔහු සහ සම-විත්තිකරු ඩොන් රොබට්ස් යන දෙදෙනාම 1975 දී මිනීමැරුම සම්බන්ධයෙන් වරදකරුවන් වූ අතර මුලින් මරණ දඬුවම නියමකර තිබිණි.
මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසු 1977 දී ඔවුන්ගේ සිර දඬුවම් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත්විය.
නඩුවේ සම-විත්තිකරු වූ ඩොන් රොබට්ස් 2008 දී නිදහස් විය.
මෙම තීන්දුව මගින් සිමන්ස් වැරදි ලෙස වරදකරු කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ඩොලර් 175,000 දක්වා වන්දියකට සුදුසුකම් ලබා ඇති අතර සිමන්ස් අත්අඩංගුවට ගැනීම සහ වරදකරු කිරීම සම්බන්ධයෙන් ඔක්ලහෝමා නගරයේ නීතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධවූවන්ට එරෙහිව ෆෙඩරල් නඩුවක් සඳහා දොර විවර කර ඇති බව සිමන්ස්ගේ නීතිඥ ජෝ නෝර්වුඩ් පැවසීය.
වන්දි ගෙවීමට වසර ගණනාවක් ගතවිය හැකි බව පැවසූ නොර්වුඩ්, සිමන්ස් බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු අනාවරණ කරගත් පිළිකාවක් සඳහා ප්‍රතිකාර ගනිමින් ජීවත්වන්නේ පරිත්‍යාග මත බව පෙන්වාදුන්නේය.
“ඔහුට අන් අයගේ පරිත්‍යාගවලින් ජීවත් වීමට සිදු වේවී, මොකද ඔහු දැන් ජීවත්වන්නේ, කුලිය ගෙවමින්, ආහාර මිලදීගනිමින්. ඔහුට වන්දි ලබාගන්න වෙන්නේ අනාගතයේදී සහ වන්දි ලැබේයැයි ස්ථිරව කියන්න බැහැ, නමුත් දැනට ඔහුට ජීවත්වීමට සිදුවනවා” නෝර්වුඩ් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart