
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ අවශ්‍යතා ඇති දැරියක අපයෝජනයට ලක්කල 80 හැවිරිදි පුද්ගලයකු මත්තල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හම්බන්තොට, ගොන්නොරුව, මහහැඩිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වේ.
අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ නිවසට යාබදව මෙම සැකකරු පදිංචිව සිටින අතර, නිවසේ කිසිවකු නොමැති අවස්ථාවකදී සැකකරු විසින් මෙලෙස දැරිය අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart