
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට නිල අනුග්‍රහය දැක්වීමට ඉන්දියානු කිරි නිෂ්පාදකයකු වන ‘අමුල්’ සමාගම තෝරාගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
“අමුල් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය විශිෂ්ට පියවරක්. අන්තර්ජාතික ක්‍රීඩා සන්නාමයක් සමඟ සම්බන්ධවීම සමාගමට වෙළඳපොළ වර්ධනයක් ලබාගැනීමට සහ අන්තර්ජාතික ප්‍රේක්ෂකයන් අතර එහි සන්නාම දෘශ්‍යතාව තවදුරටත් ඉහළ නැංවීමට නිසැකවම උපකාරී වනු ඇත.” යැයි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා ඇත.
“2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේදී අමුල් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සම්බන්ධ වී ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඇති අපගේ සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර, T20 ලෝක කුසලානය සඳහා ඔවුන්ට සුබ පතනවා.” යැයි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සදහන් කර තිබේ.
ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලාන 2024 ජුනි 3 වැනිදා නිව්යෝර්ක්හිදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භක තරගය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
ලෝක කුසලාන තරගාවලිය 2024 ජුනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart