
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව ජනාධිපති අනුර කුමාර දිසානායකට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද සහාය පළ කර තිබේ.
මෙරට වෛද්‍ය විශේෂඥයන් නියෝජනය කරන නිර්පාක්ෂික වෘත්තීය සමිතියක් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට සහතික වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා දරන ප්රයත්නයන් සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටය.
ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයාගේ තේරී පත්වීම පිළිබඳ සුබපැතුම් පිරිනමා ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්රගතිශීලී ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා දායක වීමට ඔවුන්ගේ කැපවීම අවධාරණය කර තිබේ.
රටේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් රජය සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සුබවාදී අදහස් පළ කර ඇත.
වෛද්‍ය විශේෂඥයන් සහ සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධ කරුණු වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කිරීම සඳහා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙරට ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඵලදායී සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ක්‍රියාකාරී හවුල්කරුවකු වීමට එහි ඇති කැමැත්ත ද එම සංවිධානය අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart