
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සහ පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව 2023.08.08 වන දින කල්මුණ පොලිස් වසමේ පරණ මුහුදු වෙරළ පාර, කල්මුණ කුඩි 03 ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි සඳහා රසායනික ද්‍රව්‍ය (සල්ෆර් පවුඩර්) මිශ්‍රකර නැවත ඇසුරුම් කර අලෙවි කිරීම සඳහා සකස් කර තිබු කොත්තමල්ලි තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
එම තොගය ගබඩා කර සන්තකයේ තබාගෙන සිටි කල්මුණයිකුඩි 08 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලය වෙත භාර දී ඇත.
එහිදී අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 2,125 යි.
2) ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 82,750 යි.
3) සල්ෆර් පවුඩර් කිලෝ ග්‍රෑම් 225 යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart