
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉකුත් දා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් අනතුරුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම හදිසි සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය (Amnesty International) රජයෙන් ඉල්ලා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්යක්ෂ බාබු රාම් පාන්ත් සඳහන් කළේ, අදාළ රැඳවියන්ගේ මරණ පිළිබඳ වාර්තා මෙන්ම, මාරුකර යැවූ රැඳවියන් වධහිංසාවලට හා අමානුෂික සැලකිලිවලට ලක්ව ඇති බවට එල්ල වන චෝදනා දැඩි කනස්සල්ලට කරුණක් බවයි.
මෙම රැඳවියන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ වගකීම බලධාරීන් සතුව පවතින බව පැවසූ ඔහු මෙම සිද්ධියට සම්බන්ධ සියලුම මරණ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ද අවධාරණය කළේය.
එමෙන්ම, බන්ධනාගාරගත කර සිටින රැඳවියන් හමුවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (HRCSL) පූර්ණ අවසරය ලබා දිය යුතු බව ද, රැඳවියන්ට ඔවුන්ගේ නීතිඥවරුන් සහ පවුලේ සාමාජිකයන් හමුවීමට ඉඩ ප්‍රස්ථාව සැලසිය යුතු බව ද ඇම්නෙස්ටි සංවිධානය ඉල්ලා සිටියි. එමෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රැඳවියන් වෙත ප්‍රමාදයකින් තොරව එම පහසුකම් සැපයිය යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.
මීගමුව බන්ධනාගාර ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව, එහිදී බලය භාවිතා කිරීම සිදු වූ ආකාරය පිළිබඳව අපක්ෂපාතී, ස්වාධීන සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වන බවට රජය සහතික විය යුතු බව ද එම සංවිධානය අවධාරණය කරයි.
එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් විසින් ද මෑතකදී පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීම සහ පවතින දුර්වල පහසුකම් වැනි දිගුකාලීන ගැටලු මෙම සිදුවීමෙන් නැවත වරක් ඉස්මතු වන බව ද ඇම්නෙස්ටි සංවිධානය පවසයි.
මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර දෙකක් වෙත මාරු කර යැවූ රැඳවියන් දෙදෙනෙකු ජූලි 8 වැනිදා මියගොස් ඇති බවට වාර්තා වීමෙන් පසු මෙම නිවේදනය නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart