
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට මෑතකදී පැනවූ තීරුබදු සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර’ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම හෙවත් ECTA ගිවිසුම අවසන් කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාව ආසියාන් රටවල ක්‍රියාත්මක RCEP හි සාමාජිකත්වය පවත්වාගෙන යන අතරතුර සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
“ආර්ථික සහ තාක්ෂණ සහයෝගීතා ගිවිසුම සම්පූර්ණ විය යුතුයි. මගේ අදහස වූයේ එය 2025 දී අවසන් කළ යුතු බවයි. අපි දැන් ඉදිරියට යා යුතුයි. අපි අමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් මත විශ්වාසය තැබුවා. නමුත් එක්සත් ජනපද වෙළඳ ප්‍රතිපත්ති දැන් කෙසේද යන්න ඔබට දැක ගත හැකියි, වෙළඳපොළක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය එතරම් විවෘත වෙන එකක් නැහැ. අපගේ ඇඟලුම් වෙළඳපොළ සඳහා අපි මේවා මත පමණක් රඳා පවතින නිසා යුරෝපා සංගමය සමඟ කුමක් සිදුවේදැයි අපි දන්නේ නැහැ. එබැවින් පළමුව, අපි මෙම ගිවිසුම සම්පූර්ණ කර මෙම වසරේ එය අත්සන් කළ යුතුයි. අපට නව වෙළඳ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අප සතුව ඇති දේ අත්හැර නොගෙන අපි නව ක්ෂේත්‍ර වෙත යා යුතුයි. නමුත් ඒ සඳහා නව නිෂ්පාදන ද අවශ්‍ය වනවා. ඇඳුම් පැළඳුම් පමණක් ප්‍රමාණවත් වෙන එකක් නැහැ.” යනුවෙන් වික්‍රමසිංහ පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart