
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අඟහරු ග්‍රහයා මත නොනැසී පවතින පාසි වර්ගයක් සොයාගත් බව චීන විද්‍යාඥයන් පිරිසක් පවසයි.
Syntrichia caninervis නමැති එම පාසි වර්ගය සාමාන්‍යයෙන් පෘථිවියේ දුරස්ථ හා කටුක පරිසරයක, ඇන්ටාක්ටිකාවේ හෝ අමෙරිකාවේ මොජාවේ කාන්තාරයේ දක්නට ලැබෙන පාසි වර්ගයකි.
එහෙත් මේ වනවිට විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ, ඒවාට නියඟය, අධික විකිරණ සහ අධික ශීතල ඇතුළු අඟහරු ග්‍රහයාගේ පවතින පරිසර තත්වයන්ට ඔරොත්තු දිය හැකි බවයි.
එම විද්‍යාඥයන් කණ්ඩායම පවසන්නේ, ඔවුන්ගේ මෙම උත්සහය අඟහරු මතුපිට ශාක නොනැසී වර්ධනය වන ආකාරය පිළිබඳව සොයාබැලීමේ පළමු කාර්යය බවයි.
ඒ අනුව එම පර්යේෂණයන් අඟහරු පරිසර තත්වයන් යටතේ පාසි පරීක්ෂා කර ඇත.
ඒ, කාබන් ඩයොක්සයිඩ් වායුවෙන් 95%කින් සෑදුණු වායුගෝලයක්, -196 ° C තරම් අඩු උෂ්ණත්වයක්, සූර්යයාගෙන් ඉහළ පාරජම්බුල (UV) විකිරණ සහ අඩු වායුගෝලීය පීඩනය ඇතුළුවයි.
චීනයේ පර්යේෂකයන් පවසන්නේ, කාන්තාර පාසි නොනැසී පැවතුණා පමණක් නොව, සම්පූර්ණයෙන්ම පාහේ ජලය නැතිවීමෙන් පවා ඉක්මනින් යථා තත්ත්වයට පත් වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart