
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන කොළඹ වරාය ධාරිතාව ගොඩනැගීමේ ව්‍යාපෘතිය ඊයේ (31) ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරුවන්, මෙහෙයුම් කළමනාකරුවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට එක්සත් ජනපදය විශේෂිත තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වේ.
කලාපීය නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස වරායේ කාර්යභාරය ඉදිරියට ගෙනයෑමට සහ ඉන්දු පැසිෆික් කලාපයේ සැපයුම් දාමය පවත්වාගෙන යෑමේ හැකියාව සහතික කිරීමට උපකාර කරන බව එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළාය.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය මගින් එක්සත් ජනපදය විසින් වරාය මෙහෙයුම් සඳහා පුහුණුව, සයිබර් ආරක්ෂණ විශේෂඥතාව සහ අධ්‍යයන චාරිකා ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ වරාය අංශයේ වර්ධනයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වනවිට ඉන්දියාව සහ චීනයද ප්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස කොළඹ වරායේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart