
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමට හෝ වරදකරු කිරීමට හැකියාව ඇති තොරතුරු ලබාදෙන්නෙකුට ත්‍යාගයක් පිරිනමන බව අමෙරිකාව පවසයි.
ඒ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, ඒ සඳහා ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 25 ක් පිරිනමන බවයි.
2013 වසරේ සිට වෙනිසියුලාවට නායකත්වය දුන් මදුරෝ, කොකේන් ජාවාරම් සහ අවි ආයුධ සම්බන්ධ අපරාධ ඇතුළු චෝදනාවලට මුහුණ දී සිටියි.
අමෙරිකානු නීති නිලධාරීන් පවසන්නේ, මාදුරෝ ඉහළ පෙළේ අපරාධකරුවන්ගෙන් සැදුම්ලත් වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක් වන Cartel of the Suns හි ප්‍රධාන භූමිකාවක් ඉටුකළ බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදයට සම්බන්ධ බවට චෝදනා කරමින් 2020 සිට අමෙරිකාවේ අධිචෝදනා යටතේ සිටින 62 හැවිරිදි මදුරෝ අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් පවතී.
මෙම ත්‍යාග මුදල ප්‍රකාශයට පත්කර ඇත්තේ එහි නවතම අදියර ලෙසයි.
අධිචෝදනා පත්‍රයට අනුව, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර ඇති කොලොම්බියාවේ විප්ලවවාදී සන්නද්ධ හමුදාව සමග මදුරෝ කොකේන් නැව්ගත කිරීම් සම්බන්ධීකරණය සඳහා එක්ව තිබේ.
අමෙරිකාව පවසන්නේ, මාදුරෝ FARC වෙත හමුදාව, ආයුධ ලබාදෙන ලෙස කාටෙල් සංවිධානයට උපදෙස් දුන් බව සහ කාටෙල් සංවිධානයේ සන්නද්ධ අංශයක් ලෙස ක්‍රියාකරන, නීතිවිරෝධී හමුදා කණ්ඩායමක් පුහුණු කිරීමට FARC කැරලිකරුවන්ගේ සහාය පැතූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart