
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් රිලයන්ස්(Reliance) සමාගම සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ Ceylon Beverage International සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.
සිසිල් බීම වෙළඳපොලේ සිය ආධිපත්‍යය තහවුරු කිරීමට ආක්‍රමණශීලී පියවරක් ලෙස මුකේෂ් අම්බානි දශක ගණනාවක් පැරණි සිසිල් බීම සන්නාමයක් වන Campa Cola නව මුහුණුවරකින් දියත් කර ඇත.
එම ව්‍යාපාරික ගනුදෙනුවේ කොටසක් ලෙස මුරලිදරන් ගේ සමාගම Campa Cola සඳහා කෑන් ඇසුරුම් කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා අදාළ ගිවිසුම අත්සන් කර තිබේ.
ඒ අනුව Ceylon Beverages සමාගම ඇසුරුම් කටයුතු සඳහා ඉදිරියේදී ඉන්දියාවේ ඇසුරුම්කරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.
එම කර්මාන්තශාලාව එනතුරු Ceylon Beverages ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලාවෙන් Campa Cola කෑන් ආනයනය කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart