
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්අඩංගුවට ගත් තම පියාට පොලිසිය පහරදුන් බව පවසමින් තරුණයකු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ කෑකෝ ගසමින් කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස සංසරණය වෙමින් පවතී.
මෙම සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයාගේ නියෝගයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ සැකකරු අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිස් ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරුකිරීමට පියවර ගෙන තිබේ.
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පිටත උසස් පොලිස් නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශන පැවැත්වෙන බවයි පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කරන ආකාරයට, වීඩියෝවේ දැක්වෙන වියපත් පුද්ගලයා පසුගිය 24 වනදා රාත්‍රියේ අධික ලෙස බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම නිසා අම්බලන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පලායෑමට උත්සාහ කර ඇති බවත්, එහිදී බිම ඇදවැටීමෙන් තුවාල ලබා රුධිරය වහනය වී ඇති බවත් පොලිසිය පවසයි.
කෙසේවෙතත්, ඊයේ (25) දිනයේදී අදාළ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමෙන් අනතුරුව, බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත. එහිදී මහේස්ත්‍රාත්වරයා ඔහුව ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.
මේ වන විට සිදුවෙමින් පවතින විශේෂ විමර්ශනයේ වාර්තා මත ඉදිරියේදී අදාළ නිලධාරීන්ට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart