
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පහ මහාධිකරණ නඩු විභාගයේදී ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතන නඩුවේ වරදකරුවන් වූවන්ගේ ඥාතීන් සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ප්‍රකාශකර තිබේ.
අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එහි අධ්‍යක්ෂ ජනරාල්වරයකු හමුවීමෙන් පසු මාධ්‍ය අමතමින් මේ බව ප්‍රකාශ කෙරිණි.
ඝාතනයට වරදකරුවන් වූ එක් අයකුගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණ තීන්දුවක් අපේක්ෂා කරන බවයි.
තමන් මුහුණ දුන් අසාධාරණය දක්වමින් ජනාධිපතිවරයාට ලිඛිත ලිපියක් ඉදිරිපත් කළ බවත්, අභියාචනයක් ගොනුකිරීමට ගත් තීරණය පිළිබඳව ඔහුට දැනුම්දුන් බවත් ඇය පැවසුවාය.
“අපි අද ජනාධිපතිතුමා හමුවීමට ආවා, අපට සිදුවී ඇති අසාධාරණය පැහැදිලි කරමින් ලිපියක් භාර දුන්නා. අපේ නඩුව සම්බන්ධයෙන් අපි අභියාචනයක් ගොනු කරනවා,” ඇය පැවසුවාය.
හිතකර ප්‍රතිඵලයක් සඳහා බලාපොරොත්තු පළ කරමින්, “අපි අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් අපේක්ෂා කරනවා. යුක්තිය සහතික කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මේ වෙලාවේ අපි හරිම අසරණයි. මෙයින් පීඩාවට පත් දරුවන් සිටින මව්වරුන් බොහෝ දෙනෙක් ඉන්නවා.”යනුවෙන් ඇය පැවසුවාය.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් තීරණයට ඔවුන් ගරු කළත්, එක් විනිසුරුවරයකු ඊට විරුද්ධ වී විත්තිකරුවන් නිදහස් කර ඇති බව ඇය තවදුරටත් පැවසුවාය.
“ත්‍රිපුද්ගල අධිකරණය විසින් ලබා දුන් තීන්දුවට අපි හිස නමා ආචාර කරනවා. එක් විනිසුරුවරයකු ඔවුන් නිදොස් කොට නිදහස් කළා. එය අපට බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා. අපට තවත් අවස්ථාවක් තිබෙනවා. දැන් අපගේ එකම බලාපොරොත්තුව වන්නේ අභියාචනයක් ගොනු කර මෙම පුද්ගලයන් 12 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමයි,” ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart