
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු ගෙවන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලිපි හෝ කෙටි පණිවුඩ ලැබී ඇති පුද්ගලයන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂය නොඉක්මවන්නේ නම් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.
ඒ පිළිබඳ ළඟම ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවද ඔහු පැවසීය.
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගත් පුද්ගලයන්ට එවැනි පණිවුඩ ලැබී ඇති බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ඇමැති සියඹලාපිටිය පැවසුවේ මාසික ආදායම රු 100,000 දක්වා වන සීමාව බදු ගෙවීමෙන් නිදහස් බවයි.
අද වන විට දළ වශයෙන් ලක්ෂ 23ක පමණ පිරිසක් TIN අංක ලබාගෙන ඇති බවත්, ජුනි මාසයේදී පමණක් TIN අංක ලක්ෂ 13ක් නිකුත් කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
ජුලි මාසය අවසන් වන විට TIN අංක නිකුත් කිරීම ලක්ෂ 73ක් දක්වා වැඩි කර ගැනීම රජයේ ඉලක්කය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart