May 13, 2026

සෑම ආණ්ඩුවකටම රටක් ඉදිරියට පවත්වා ගෙන යාමේදී ගැටලු පැවතිය ද, එම ගැටලුවලට ප්‍රායෝගිකව පිළිතුරු සොයා ගනිමින් රටක් ඉදිරියට ගෙන යා හැකි මාර්ග පවතින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වර්තමානයේ රට තුළ එවැනි තත්වයක් දක්නට නොමැති බවයි.

වර්තමානයේ පැමිණ තිබෙන්නේ සියලු පක්ෂ ඒකරාශී කර එක්ව කටයුතු කළ යුතු අවස්ථාව බව ද ඔහු පැවසුවේය.

රටක් පිළිබඳ ආදරයක් තිබේ නම් ආරම්භය ඉන් ලබා ගත යුතු බවත්, සියලු පක්ෂ මේ මොහොතේ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා යෝජනා කළේය.

මහ බැංකුව ඉස්මතු කරන්නේ ඔවුන්ගේ න්‍යායාත්මක ලෝකය තුළ ගමන් කිරීම මිස ජනතාව සමග සිටිමින් ජනතාවගේ ප්‍රශ්න විසඳීම නොවන බව පැවසූ මන්ත්‍රීවරයා මහ බැංකුවට ප්‍රායෝගික ක්‍රියාකලාපයක් නොමැති බව මේවනවිට ඔප්පු වී ඇති බවයි.