
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙක්සිකානු කොංග්‍රසයේ පැවැත්වූ ප්‍රසිද්ධ වැඩසටහනකදී, පිටසක්වල යානා සහ අද්භූත සංසිද්ධි ප්‍රදර්ශනය කරන වීඩියෝ සමඟ ‘පිටසක්වල ජීවින්ගේ මළ සිරුරු’ දෙකක් අනාවරණය කර ඇත.
මෙක්සිකානු කොංග්‍රසයේ මෙම මහජන වැඩසටහන සජීවීව එරට රුපවාහිනිය ඔස්සේ විකාශය කර තිබේ.
මෙම මළ සිරුරුවල (මමීකෘත නිදර්ශක) DNA වලින් තුනෙන් එකක් පමණ හඳුනාගැනීමට නොහැකි බව මෙහිදී ප්‍රකාශ වී තිබේ.
මෙක්සිකෝවේ ජාතික විශ්ව විද්‍යාලයේ (UNAM) විද්‍යාඥයන් විසින් මෙම නිදර්ශක අධ්‍යයනය කර ඇති බවත්, ඔවුන් රේඩියෝ කාබන් කාල නිර්ණය භාවිතයෙන් DNA සාක්ෂි ලබාගත් බවත් සඳහන් වේ.
වසර 1,000ක් පැරණි යැයි විශ්වාස කෙරෙන සහ පේරු හි කුස්කෝ ප්‍රදේශයෙන් හමුවී ඇති මෙම නිදර්ශකවල DNA විශ්ලේෂණයට භාජනය වූ අතර, ඒවායේ DNA වලින් 30%කට වඩා “නොදනී” යැයි පර්යේෂකයන් සඳහන් කර ඇත.
එක්ස් කිරණ මගින් එක් සිරුරක් “බිත්තර”වැනි දෙයක් අඩංගු බව පෙන්නුම් කර ඇති අතර, සිරුරු දෙකෙහිම ඔස්මියම් ඇතුළු දුර්ලභ ලෝහ වලින් සාදන ලද බද්ධකිරීම් පවතින බව නිරීක්ෂණය කට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart