
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් පක්ෂයේ විනය කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ලිපියක් මගින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් එම්. නිසාම් කාරියප්පර් විසින් මවුලානාට දන්වා ඇත්තේ අගෝස්තු 4 වැනි දින පැවති පක්ෂ නායක රැස්වීමේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට පක්ෂයේ ප්‍රධානීන් තීරණය කළ බවයි.
මවුලානා ද එම රැස්වීමට භෞතිකව පැමිණ නොසිටියද, පක්ෂය ගන්නා ඕනෑම තීරණයකට අනුව කටයුතු කරන බවට ප්‍රතිඥා දුන් බව ඔහු සිහිපත් කර තිබේ.
“2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට ඔබ ගත් තීරණය පක්‍ෂයේ තීරණය මෙන්ම ඔබ දුන් ප්‍රතිඥාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් මට දැනුම් දී ඇත. 2022 ජූනි 22 වැනි දින පැවති පක්ෂ නියෝජිත සමුළුවේදී ඔබ පක්ෂයේ නියෝජ්‍ය නායකයකු ලෙස තේරී පත් වූ විට ඔබ දිවුරුම් ප්‍රකාශයක් ද ලබා දී ඇත,” යනුවෙන් කාරියප්පර් එම ලිපියේ සඳහන් කර ඇත.
තම ක්‍රියාව පැහැදිලි කිරීම සඳහා පක්‍ෂ ලේකම්වරයා විසින් එවා ඇති ලිපියට පිළිතුරු ලබාදීමට මවුලානාට සතියක කාලයක් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart