
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල නිකුත්වීමත් සමග බහුතර බලය හිමිවීම සහ හිමි නොවීම සම්බන්ධයෙන් පවතින වත්මන් අර්බුදය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි අදහස් පළකර තිබේ.
ඔහු එමගින් පවසන්නේ මෙම තත්වය අහම්බයක් නොවන බවයි.
එය යහපාලන සමය තුළ අදූරදර්ශී ලෙස ව්‍යවස්ථානුකූලව සැකසූ මැතිවරණ ක්‍රම සංශෝධනයක ප්‍රතිපලයක් බව ද අලි සබ්‍රි පෙන්වාදෙයි.
පළාත් පාලන ඡන්ද ක්‍රමය සංශෝධනයේදී මුල් පනත් කෙටුම්පතේ විෂය පථයට සම්පූර්ණයෙන්ම පරිබාහිරව ගොස් සිදුකළ එම සංශෝධනය, නීති සම්පාදන ඉතිහාසයේ වඩාත්ම පිළිකුල්සහගත සිදුවීම්වලින් එකක් බවට ද ඔහු චෝදනා කරයි.
පළාත් පාලන මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කිසිසේත් අදහස් නොකළ පනතක් කිසිදු මහජන අදහස් විමසීමකින් තොරව, අධිකරණ සමාලෝචනයකින් තොරව සහ ව්‍යවස්ථාපිත යෝග්‍යතාවයකින් තොරව සිදුකළ බවත්, අද එහි ප්‍රතිවිපාක පෙනෙන්නට ඇති බවත් අලි සබ්‍රි පෙන්වාදෙයි.
එය හුදෙක් දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය අවභාවිත කළ හැකි ආකාරය පිළිබඳ මූලික කාරණයක් වූ බව ද සබ්‍රි පවසයි.
එමෙන්ම අද මෙම අර්බුධයට මුහුණ පා සිටින, එවක විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු එම පළාත් පාලන මැතිවරණ ක්‍රම සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් බව ද හිටපු අමාත්‍යවරයා පවසයි.
ඔවුන්ගේ සහාය එදා නොලැබුණේ නම් මෙම ව්‍යවස්ථාදායක රකුසා, කිසිදිනෙක 1/3 බහුතරයකින් සම්මත නොවනු ඇති බව ද ඔහු මතක් කර දෙයි.
එබැවින් වත්මන් පාලක ජාතික ජනබලවේගයට එදා සිදුකළ වරද නිවැරදි කර ගැනීමට, අවස්ථාව පවතින බවත්, සියල්ලෝම දේශපාලනය තුළ වැරදි කරන බවත්, නායකත්වයේ පරීක්ෂණය වන්නේ ඔවුන් මගහැරීම නොව ඒවා නිවැරදි කිරීම බවත් අලි සබ්‍රි පවසයි.
කෙසේවෙතත්, අංක ගණිතමය ක්‍රමය කුමක් වුවත් ජය ලැබූවන්ට ආණ්ඩු කිරීමට අවස්ථාව දිය යුතු බව සිය අදහස බව පවසන ගිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය ජනතාවගේ හඬ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart