
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර තදබදය අඩුකිරීමට එක් විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සුප්‍රකට 54 වගන්තියේ ඇති 2022 විෂ වර්ග, මත්ද්‍රව්‍ය හා අබිං පනතට ගෙනැවිත් ඇති සංශෝධන වහා වෙනස් කළ යුතු බව හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ‘දිවයින’ පුවත්පතට පවසා ඇත. එම සංශෝධන එදා ගෙන ආවේ තමා අධිකරණ ඇමැති පදවිය දැරූ අවස්ථාවක නොවන බවද ඔහු සඳහන් කරයි.
54 වගන්තියේ බලය ප්‍රකාරව බොහෝ පිරිස්වලට බන්ධනාගාරගතවීමට සිදුව ඇති බවට පැවසෙන වාර්තා ගැන විමසූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ අද්දහස් ඇතුළත් වැඩිදුර පුවත්පත් වාර්තාව පහත පරිදි වේ.
එමෙන්ම රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට නිලධාරීන් බඳවා ගන්නාතෙක් සිටින නිලධාරීන් අතිකාල ඇතුළු පහසුකම් ලබාදී රසපරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ යුතුව ඇතැයි ද අලිසබ්රි මහතා කීය.
තමා අධිකරණ අමාත්‍ය ධුරය දැරූ සමයේ සේවා මුර දෙකකට බෙදා නිලධාරීන්ට අතිකාල ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදී රසපරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවද ඒ මහතා කීය. 2020 වසරේ තමා අමාත්‍ය ධුරය භාරගන්නා විට රැඳවියන් 29,000 ක් පමණ සිටි බවත් 2021 ජනවාරි වන විට එම ප්‍රමාණය 18,000 දක්වා අඩු කරගත් බවත් හෙතෙම කීය.
දැනට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 ට වඩා අඩු නම් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීම සිදු කළ හැකි බවත් එම ප්‍රමාණය ග්‍රෑම් 05 දක්වා වැඩි කළ යුතු බවත් සබ්රි මහතා කීය. තමා මීට අදාළ සංශෝධනය සිදුකිරීමට කටයුතු කරමින් සිටියදී අමාත්‍ය ධුරය වෙනස් වූ බවද ඒ මහතා කීය.
තමා සිදුකිරීමට ගිය සංශෝධන අනුව ග්‍රෑම් 05 ට අඩු නම් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ද ග්‍රෑම් 05 ත් 10 ත් අතර මහාධිකරණයෙන් ද ග්‍රෑම් 100 ට වැඩි නම් අභියාචනාධිකරණයෙන් ඇප ලබාගත හැකි ආකාරයට පනත් සංශෝධනය කිරීමට සැලසුම් කර සිටි බව ඒ මහතා කීය. බන්ධනාගාර තදබදය අඩු කිරීමට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපනය කළ යුතු බවද සබ්රි මහතා කීය.
මේ අතර ඉකුත් 7 වැනිදා මීගමුව බන්ධනාගාරයේ උද්ගත වූ තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා, 2022 විෂ වර්ග මත්ද්‍රව්‍ය හා අබිං පනතට ගෙනාපු සංශෝධන බන්ධනාගාරවල පිරිස වැඩිවීමට හේතුවී ඇති බව සඳහන් කළේය. ඔහු එහිදී මෙසේද කීය.
“බන්ධනාගාරවල පිරිස වැඩිවීමට හේතුව තමයි 2022 දී විෂ වර්ග මත්ද්‍රව්‍ය සහ අබිං පනතට ගෙනාපු සංශෝධන සහ රසපරීක්ෂක වාර්තා. අපි බලයට එනවිට රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118 යි. 2022 න් පස්සේ මේවා පුරවලා නැහැ. පසුගිය වසරේ දෙසැම්බර් මස සිට බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. 2022 සංශෝධනයෙන් පසුව ග්‍රෑම් 2ට වඩා වැඩි මත්ද්‍රව්‍ය නඩු සඳහා මහාධිකරණයෙන් ඇප දීමේ හැකියාවක් තිබුණා. නමුත් සංශෝධනයෙන් පසුව එය අභියාචනාධිකරණයට ගෙනාවට පස්සේ රට වටේම ඉන්න සියලු දෙනා කොළඹ අභියාචනාධිකරණයට පැමිණිය යුතුයි. නඩුව ගොනු කරන්නේ කොයි උසාවියේ ද කියලා කියන්න බැහැ. රසපරීක්ෂක වාර්තා එනතෙක් ශුද්ධ බර ප්‍රමාණය හොයන්න බැහැ. එතකොට හොයාගන්න අවුරුද්දක් යනවා. නීති කටයුතු කරන්න තව මාස 06 ක් යනවා. එතකොට අවුරුද්දයි මාස 06 ක් යනවා. අපි ආව ගමන් මෙන්න මේ සංශෝධනය කරන්න කටයුතු කරමින් පවතිනවා. ශුද්ධ බරට නොවෙයි දළ බරට උසාවිය තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. බන්ධනාගාර තදබදය අඩු කරන්න ඉන්න තැන්වල ඉඩ මදි නිසා ඒවා වැඩි කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කරමින් පවතිනවා.”
2022 අංක 41 දරන සංශෝධිත පනතින් සංශෝධිත 1924 අංක 17 දරන විෂ වර්ග අබිං, අන්තරාදායක ඖෂධ වර්ග පනතේ අංක 54 වගන්තිය යටතේ හෙරොයින්, කොකේන්, මෝෆීන්, ගංජා හා අබිං සහ අයිස් වැනි ඇබ්බැහි වන මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම තහනම් කර තිබේ. එම වගන්තිය යටතේ චෝදනා ලැබූවන්ට ඇප දීමේ බලය මහෙස්ත්‍රාත් අධිකරණයට නොමැති අතර සැකකරුවකුට ඇප ලබා ගැනීමට අවශ්‍ය නම් එම ඇප ඉල්ලීම මහාධිකරණය වෙත අයදුම් කළ යුතුය. එමෙන්ම 54 වගන්තිය යටතේ නඩු පැවරීමේදී රසපරීක්ෂක වාර්තා ලබාගත යුතු අතර එම වාර්තා ලබා ගැනීමට වසරකට ආසන්න කාලයක් ගත විය හැකි අතර එතෙක් එම සැකකරු හෝ සැකකාරියට රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදුවේ.
එම වගන්තිය යටතේ රසපරීක්ෂක වාර්තාව අනුව මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10 හෝ ඊට වැඩි වන විට ඇප ලබාදීමේ බලය මහාධිකරණයට අහිමි වන අතර එම බලය එවිට හිමිවනුයේ අභියාචනාධිකරණයට බවත් රසපරීක්ෂක වාර්තාව ග්‍රෑම් 10 ට අඩු නම් ඇප ලබා දීමට මහාධිකරණයට හැකිය.
මෙම වගන්තියේ ඇති නීතිමය බලය නිසා ඇතැමුන් පොලිස් ස්ථානවලදී අත්අඩංගුවට පත්වූ පසු ඇතැම් විට ඔවුන්ට සිදුවන අනිසි පොලිස් ක්‍රියාකාරකම් මත බන්ධනාගාර ගත වන අවස්ථාවද වරින් වර ඇසෙන අතර බන්ධනාගාර තදබදයට එය හේතුවක් වී එවැනි චෝදනාවලට ලක්වන්නන් සිරගෙවල්වල තපින අවස්ථා ගැන ද සමාජ මාධ්‍යවලින් ද අනාවරණය වී තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart