
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සම්බන්ධයෙන් රේගුව විසින් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර ඇත.
පසුගියදා ඩුබායි රාජ්‍යයේ සිට ආසන්න වශයෙන් රුපියල් මිලියන 80ක් පමණ වටිනා රත්රන් සහ ජංගම දුරකථන මන්ත්‍රීවරයා විසින් රැගෙන ඒමේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව කථානායකවරයා කළ ඉල්ලීමකට අනුව රේගුව විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමට එම වාර්තාව ඉදිරිපත් කරන බවත්, එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත්, කථානායකවරයා සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හේතූ දක්වන ලෙස කථානායකවරයා විසින් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇති බවත්, එහෙත් මන්ත්‍රීවරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බවත්, වාර්තා වේ.
මන්ත්‍රීවරයා සන්තකයේ තිබී ප්‍රකාශ නොකළ රත්රන් කිලෝග්‍රෑම් 3.5ක් සහ ජංගම දුරකථන 91ක් ගුවන් තොටුපළේ රාජකාරියේ නිරත රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, පසුව රුපියල් ලක්ෂ 75ක දඩයක් ගෙවූ පසු මන්ත්‍රීවරයා මුදා හැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart