May 13, 2026

කැන්බරා පාලනය ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයකින් එකක් වන ඉන්දියාව සමඟ පවතින ආර්ථික, උපායමාර්ගික සහ සමුද්‍රීය සබඳතා ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බැවින්, ඇල්බනීස් රජය ඉන්දියාව සමඟ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික සම්බන්ධතා ගැඹුරු කිරීම සඳහා 2026-27 අයවැය මඟින් ඩොලර් මිලියන 25.3 ක මුදලක් වෙන් කිරීමට නියමිතය.

මෙම අරමුදල් වෙන් කිරීම ඉන්දියාව සමඟ ඕස්ට්‍රේලියාව පවත්වන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ
මීළඟ අදියරේ කොටසක් වන අතර, එමගින් ඕස්ට්‍රේලියානු ව්‍යාපාරවලට ඉන්දියාවේ පුළුල් වන වෙළඳපොළට ඇතුළු වීමටත්, ‘මෛත්‍රී’ (Maitri) ප්‍රදාන හරහා නව සහයෝගීතා ක්ෂේත්‍ර බිහිකිරීමටත්, ඉන්දියන් සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමටත් උපකාරී වනු ඇත.

රජය ප්‍රකාශ කළේ මෙම ආයෝජනය උපායමාර්ගික, ආර්ථික සහ ජනතාව අතර පවතින සබඳතා යන ක්ෂේත්‍ර පුරා ඕස්ට්‍රේලියා-ඉන්දු සබඳතාවල දක්නට ලැබෙන “නොඇසූ විරූ ප්‍රගතිය” මත පදනම්ව සිදුකරන්නක් බවයි.

දෙරටම වෙළඳාම, අධ්‍යාපනය, පිරිසිදු බලශක්තිය, තාක්ෂණය, ආරක්ෂක සහ ඉන්දියන් සාගරයේ ආරක්ෂාව යන අංශ කෙරෙහි වඩාත් සමීපව කටයුතු කරමින් සිටින බැවින්, ඕස්ට්‍රේලියාවේ කලාපීය උපායමාර්ගය තුළ ඉන්දියාව වඩ වඩාත් කේන්ද්‍රීය කොටසක් බවට පත්ව ඇත.

ඕස්ට්‍රේලියානු සමාගම් තම වෙළඳපොළවල් විවිධාංගීකරණය කිරීමට සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා ගැඹුරු වාණිජ සබඳතා ගොඩනැඟීමට අපේක්ෂා කරන වටපිටාවක, මෙම අයවැය පියවර මඟින් වඩාත් ශක්තිමත් ව්‍යාපාරික සබඳතා සඳහා සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.