
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර අකුරණ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ, මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා බලධාරීන් සෑම පූර්වාරක්ෂක උපක්රමයක්ම අනුගමනය කර ඇති බවයි. ප්‍රදේශයට අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, යුද හමුදාවට ද සූදානමින් සිටින ලෙස දැනුම් දී ඇති බව ඔහු පැවසීය. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් සඳහන් කර ඇත්තේ, පොලීසිය කළ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ හමුදා සාමාජිකයන් සීරුවෙන් තබා ඇති බවයි.
2017 වසරේ මාර්තු මාසයේදීද දේශපාලකයන් විසින් උසිගන්වන ලද මැර පිරිස් විසින් මහනුවරට නුදුරින් අකුරණ සහ කටුගස්තොට තදාසන්න ප්‍රදේශවල මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසැල් සහ අනෙකුත් ගොඩනැඟිලි ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කෙරිණි. එම මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා කළින් සැලසුම් කළ, හොඳින් සම්බන්ධීකරණය කළ ව්‍යාපාරයක් ලෙස අදියර දෙකකින්, පළමුව අම්පාර නගරයේ සහ ඉන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ මුදා හරින ලදී. ප්රචණ්ඩත්වය පාලනය කිරීමට එහිදී හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කර, ප්රචණ්ඩත්වය වැඩි ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart