August 22, 2025

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන අකිල විරාජ් කාරියවසම් අද (22) උදෑසම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබේ.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අලුත්වැඩියා කිරීම සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් යොදාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඔහුගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගෙන ඇතැයි වාර්තා වේ.