
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝ ප්‍රකට භික්ෂුවක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ නිකරුණේ පැය 12ක කාලයක් ගතකිරීමට සිදුවූයේ සහ ගුවන් යානය මගහැරුණේ, භූමි මෙහෙයුම්කරු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් උන්වහන්සේව කල්වේලා ඇතිව පිටවීමේ දොරටුව වෙත කැඳවාගෙන යෑමට අපොහොසත්වීම නිසා බව, එම සිදුවීම සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඊට අදාළව නිකුත් කර ඇති වාර්තාවට අනුව, පූජ්‍ය අජාන් බ්‍රහ්ම හිමියන් බොහෝ කල්වේලා ඇතිව විශේෂ ප්‍රභූ පර්යන්තය වෙත වැඩම කොට ඇති අතර, ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂාව, රේගු සහ ආගමන විගමන පරීක්ෂාවන් නියමිත වේලාවට සිදු කොට ඇති බවත්, පිටත් වීමේ දොරටුව වෙත කැදවීම් ලැබෙන තුරු අතිපූජ්‍ය අජාන් බ්‍රහ්ම හිමියන් ප්‍රභූ පර්යන්තය තුළ වැඩ සිට ඇති බවත් තහවුරු වේ.
උන්වහන්සේ පිටත් වීමේ දොරටුව සඳහා කැඳවාගෙන යෑමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බිම් මෙහෙයුම් සේවිකාව ප්‍රභූ පර්යන්තය වෙත පැමිණ ඇත්තේ ගුවන් යානයේ දොරටු වැසීමට නියමිත වේලාවට බොහෝ ආසන්නවය.
ඒ වන විට උන්වහන්සේ අංක 08 දරන පිටත්වීමේ දොරටුව වෙත කැඳවාගෙන යෑම පිණිස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් ප්‍රවාහන පහසුකම් සූදානම් කොට තිබී නොමැත.
උන්වහන්සේ දොරටු අංක 08 වෙත කැඳවා ගෙන යන අවස්ථාවේදී ගුවන් යානය වෙත මගීන් භාරගන්නා අවසාන වේලාවද ඉක්ම ගොස් තිබී ඇති හෙයින් ගුවන් යානය වෙත පිවිසීමට පූජ්‍ය අජාන් බ්‍රහ්ම හිමියන් හට අවකාශ ලැබී නොමැත.
ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වාද එම ගුවන් යානයෙන්ම විදේශගත වීමට සූදානමින් සිට ඇති අතර, ඇමැතිවරයාට ගුවන් යානය වෙත නියමිත වෙලාවට ගමන් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු පහසුකම් සලසා ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart