
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ සහ කොළඹ අතර පසුගියදා හඳුන්වා දුන් සුඛෝපභෝගී ප්‍රවාහන සේවාව විවිධ ප්‍රවාහන සංගම්වල විරෝධතා හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇති බව ගුවන් තොටුපළ භාර නිලධාරීන් නිවේදනය කර තිබේ.
අගෝස්තු 15 වැනි දින ආරම්භ වූ සුඛෝපභෝගී බස්රථ සේවාව මගින් ගුවන් තොටුපළ සහ වරාය නගරය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය, කොළඹ ප්‍රධාන බස් නැවතුම සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුළු ප්‍රධාන ස්ථාන අතර ප්‍රවාහන පහසුකම් ලබා දුන්නේය.
ගුවන් තොටුපළ පෞද්ගලික සුඛෝපභෝගී බස් සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර කියා සිටියේ මෙම දියත් කිරීම මැතිවරණයට පෙර රජය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් පමණක් බවයි.
ඔහු ප්‍රකාශ කළේ නව සේවාව ආරම්භ කර කෙටි කලකින්ම ගුවන් තොටුපළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් සංගමය බස් වර්ජනයක් පවා ආරම්භ කරමින් ඊට විරෝධය පළ කළ බවයි.
එම සංගමය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලයට සිය විරෝධතා ඉදිරිපත් කර ඇති බව ද ගුණසේකර පැවසීය.
මීට අමතරව කටුනායක ගුවන් තොටුපළ කුලී රථ සංගම් ද විරෝධතාවට සහාය පළ කිරීම සුඛෝපබෝගී බස් රථ ධාවනය දින හතරක් වැනි කෙටි කාලයක් තුළ නතර කිරීමේ තීරණයට දායක වී තිබිණි.
ගුණසේකර ප්‍රකාශ කළේ, අත්හිටුවා ඇති ප්‍රවාහන සේවාව වෙනුවට, ගුවන් තොටුපළ , කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සම්බන්ධ කරන මාර්ගයේ පෞද්ගලික සුඛෝපභෝගි බස් සංගමයේ බස් රථ 10ක් දිනපතා යෙදවූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart